English-Sinhala Proverbs
All that glitters is not gold.
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.
A burnt child dreads the fire
ගිනිපෙලෙල්ලෙන් බැට කාපු එකා
කළාමැදිරියාටත් බයලු
As you sow, so shall you reap
වපුරපු හැටියට තමයි අස්වැන්න
Don't add fuel to the fire
ඇවිළෙන ගින්නට පිදුරු දමන්න එපා
No smoke without fire
ගින්නක් නැතුව දුමක් නොනගී
Empty vessels make most sound
පිරුණු කළේ දිය නොසැලේ.
Example is better than precept.
අවවාදයට වඩා ආදර්ශය උතුම්
A bad work man quarrels with his tools
නටන්න බැරි මිනිහට පොළොව ඇදයිලු
Fools are wise as long as silent.
නිහඬව සිටින තුරු මෝඩයා පණ්ඩිතයෙකි
A new broom sweeps clean.
අලුත් පිටට සීනි පරණ වෙනකොට ගෝනි
A rolling stone gathers no moss
පෙරලෙන ගලේ පාසි නොබැඳේ